Saturday, October 14, 2017

පැරණි ලක්දිව සිංහල දෙමළ සබඳතා


මෙරට සිංහල දෙමළ ජනතාව අතර පැවති සමාජ දේශපාලන සංස්කෘතික ආගමික සබඳතා අළලා සරත් ලයනල් මහතා විසින් රචිත කෘතියකි. ඇතැමුන් වාර්ගික වෙනස්කම් ඉස්මතු කොට ජන කොටස් බෙදා වෙන් කොට පාලනය සඳහා කටයුතු කරන වර්තමාතයෛ් මෙවැනි කෘති වැඩි වැඩියෙන් පරිශීලනය කළ යුතුය.

කෘතියේ මිල: රු. 125
තැපැල් ගාස්තු: රු. 100

පුනර්ජීවන ව්‍යාපාරය සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය


යටත්විජිත පාලනයෙන් මිදීම පිණිස දහ නව වන සියවස මැද භාගයේ සිට මෙරට දේශප්‍රේමි ජනතාව විසින් ආරම්භ කළ නිදහස් සටන පිළිබඳ රචිත කෘතියකි. එම නිදහස්අ රගලයෙහි ක්‍රියාකාරීත්වය ඒ වෙනුවෙන් කැප වු පිරිසට මුහුණපෑමට සිදු වූ අත්දැකීම් පිළිබඳ හෙළි කෙරෙන පර්යේෂණාත්මක කෘතියකි. ඉතිහාසය, දේශපාලන පිළිඳ උනන්දුවක් දක්වන සියලු දෙනා ද ඉතිහාස විද්‍යාර්ථයින් ද පරිශීලනය කළ යුතු කෘතියති.

කෘතියේ මිල: රු. 600
තැපැල් ගාස්තුව: රු. 250

සිංහලයට එරෙහිව පැමිණි විදේශීය ආක්‍රමණිකයෝ


අපේ රටේ පිහිටීම සහ එහි පැවති සම්පත් නිසා අතීතයේ සිට ම විවිධ ආක්‍රමණිකයෝ මේ රට ආක්‍රමණය කළහ. මේ ආකාරයට අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ශ්‍රී ලංකාවට එල්ල වූ විදේශ ආක්‍රමණ සහ ඒ නිසා ඇති වූ ඛේදනීය තත්ත්වය මෙහිලා අනාවරණය කෙරේ. රටේ ඉතිහාසය, දේශපාලනය පිළිබඳ උනන්දු වන අය මෙන්ම ඉතිහාස විද්‍යාතීන් පරිශීලනය කළ යුතු කෘතියකි. වර්තමානයේ රට හමුවේ ඇති අභියෝග අවබෝධ කර ගැනීමට ද සහ ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා ද නන්දසේන සූරියආරච්චි රචිත මෙම කෘතිය වැදගත්ය.

කෘතියේ මිල: රු. 250
තැපැල් ගාස්තු රු. 150

Friday, October 13, 2017

හොඳ සිංහල උසස් පොත


ඉතිහාසඥයතු, කවියකු මෙන්ම ගුරු විද්‍යා ආචාර්යවරුයකු වී රැපියල් තෙන්නකෝන් මහතා විසින් සිංහල භාෂාවේ ව්‍යාකරණ රීති පැහැදිලි කරමින් රචිත විශිෂ්ට කෘතියයි.

කෘතියේ මිල: 650
තැපැල් ගාස්තු: 200

ව්‍යාකරණ විවරණය හෙවත් සිංහල භාෂාවේ ව්‍යාකරණය



සිංහල ව්‍යාකරණය සොයා පාදා දීමට ඉමහත් මෙහෙයක් සිදු කළ මුනිදාස කුමාරතුංග මහතා විසින් රචිත මෙම මාහැඟී කෘතිය ඔස්සේ සිංහල භාෂාවේ වියරණ රීති සනිදර්ශනාත්මකව විග්‍රහ කරයි.

කෘතියේ මිල: රු. 650
තැපැල් ගාස්තුව: රු. 200