Saturday, October 14, 2017

පැරණි ලක්දිව සිංහල දෙමළ සබඳතා


මෙරට සිංහල දෙමළ ජනතාව අතර පැවති සමාජ දේශපාලන සංස්කෘතික ආගමික සබඳතා අළලා සරත් ලයනල් මහතා විසින් රචිත කෘතියකි. ඇතැමුන් වාර්ගික වෙනස්කම් ඉස්මතු කොට ජන කොටස් බෙදා වෙන් කොට පාලනය සඳහා කටයුතු කරන වර්තමාතයෛ් මෙවැනි කෘති වැඩි වැඩියෙන් පරිශීලනය කළ යුතුය.

කෘතියේ මිල: රු. 125
තැපැල් ගාස්තු: රු. 100

පුනර්ජීවන ව්‍යාපාරය සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය


යටත්විජිත පාලනයෙන් මිදීම පිණිස දහ නව වන සියවස මැද භාගයේ සිට මෙරට දේශප්‍රේමි ජනතාව විසින් ආරම්භ කළ නිදහස් සටන පිළිබඳ රචිත කෘතියකි. එම නිදහස්අ රගලයෙහි ක්‍රියාකාරීත්වය ඒ වෙනුවෙන් කැප වු පිරිසට මුහුණපෑමට සිදු වූ අත්දැකීම් පිළිබඳ හෙළි කෙරෙන පර්යේෂණාත්මක කෘතියකි. ඉතිහාසය, දේශපාලන පිළිඳ උනන්දුවක් දක්වන සියලු දෙනා ද ඉතිහාස විද්‍යාර්ථයින් ද පරිශීලනය කළ යුතු කෘතියති.

කෘතියේ මිල: රු. 600
තැපැල් ගාස්තුව: රු. 250

සිංහලයට එරෙහිව පැමිණි විදේශීය ආක්‍රමණිකයෝ


අපේ රටේ පිහිටීම සහ එහි පැවති සම්පත් නිසා අතීතයේ සිට ම විවිධ ආක්‍රමණිකයෝ මේ රට ආක්‍රමණය කළහ. මේ ආකාරයට අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ශ්‍රී ලංකාවට එල්ල වූ විදේශ ආක්‍රමණ සහ ඒ නිසා ඇති වූ ඛේදනීය තත්ත්වය මෙහිලා අනාවරණය කෙරේ. රටේ ඉතිහාසය, දේශපාලනය පිළිබඳ උනන්දු වන අය මෙන්ම ඉතිහාස විද්‍යාතීන් පරිශීලනය කළ යුතු කෘතියකි. වර්තමානයේ රට හමුවේ ඇති අභියෝග අවබෝධ කර ගැනීමට ද සහ ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා ද නන්දසේන සූරියආරච්චි රචිත මෙම කෘතිය වැදගත්ය.

කෘතියේ මිල: රු. 250
තැපැල් ගාස්තු රු. 150

Friday, October 13, 2017

හොඳ සිංහල උසස් පොත


ඉතිහාසඥයතු, කවියකු මෙන්ම ගුරු විද්‍යා ආචාර්යවරුයකු වී රැපියල් තෙන්නකෝන් මහතා විසින් සිංහල භාෂාවේ ව්‍යාකරණ රීති පැහැදිලි කරමින් රචිත විශිෂ්ට කෘතියයි.

කෘතියේ මිල: 650
තැපැල් ගාස්තු: 200

ව්‍යාකරණ විවරණය හෙවත් සිංහල භාෂාවේ ව්‍යාකරණය



සිංහල ව්‍යාකරණය සොයා පාදා දීමට ඉමහත් මෙහෙයක් සිදු කළ මුනිදාස කුමාරතුංග මහතා විසින් රචිත මෙම මාහැඟී කෘතිය ඔස්සේ සිංහල භාෂාවේ වියරණ රීති සනිදර්ශනාත්මකව විග්‍රහ කරයි.

කෘතියේ මිල: රු. 650
තැපැල් ගාස්තුව: රු. 200

Tuesday, February 14, 2017

සිංහලයාගේ සුල මුල

මහාචාර්ය රිසිමන් අමරසිංහ රචිත 'සිංහලයාගේ සුල මුල' කෘතිය සිංහලයාගේ සම්භවය පිළිබඳ රචිත අලුත් ම ශාස්ත්‍රීය කෘතියයි. කෘතිය මෙතෙක් සිංහලයාගේ සම්භවය පිළිබඳ ප්‍ර‍කාශිත මතවාද විමර්ශනය කරමින් මූලාශ්‍ර‍ය, තාම්‍ර‍පන්නිය, සිංහල, සිංහලයා අයත් මානව වර්ගයා යනුවෙන් පරිච්ඡේද හතරකින් සමන්විතව රචනා කර තිබේ.



පොතේ මිල - රු. 350
තැපැල් ගාස්තු - රු. 100

මධ්‍ය කාලීන ලංකා සමාජය

මහාචාර්ය ඇම්. බී. ආරියපාල රචිත 'මධ්‍ය කාලීන ලංකා සමාජය' කෘතිය මධ්‍ය කාලීන ලංකා සමාජයේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පදනම පිළිබඳ රචිතම විශිෂ්ටතම කෘතියයි. 'Society in Medivaeval Ceylon' යනුවෙන් මුලින් ඉංග්‍රීසි බසින් පළවූ මෙම කෘතිය එතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධය ඇසුරින් සම්පාදිතය.

පොතේ මිල - රු. 800
තැපැල් ගාස්තු - රු. 300

Tuesday, January 3, 2017

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී න්‍යාය


මහාචාර්ය කේ. එම්. ද සිල්වා මහතා විසින් විරචිත ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී න්‍යාය පිළිබඳ ඓතිහාසික විමර්ශනයක් නමැති කෘතිය උතුරේ පාරම්පරික දෙමළ නිජබිම් සංකල්පය සහ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය සහ එහිලා බලපෑ හේතු සාධක පිළිබඳ කෙරෙන විශිෂ්ට විවරණයකි. දේශපාලන පිළිබඳ උනන්දු වන අය මෙන්ම දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය විෂයක් ලෙස හදාරන අයද අත්පොතක් ලෙස ළඟ තබාගත යුතු කෘතියකි.

පොතේ මිල - රු. 200
තැපැල් ගාස්තු - රු. 100

Tuesday, December 20, 2016

පැරණි ලක්දිව කාන්තාව

ක්‍රි. පූ. හය වන සියවසේ සිට ක්‍රි. ව. පහළොස් වන සියවස දක්වා ලක්දිව කාන්තාව පිළිබඳ රචිත විශිෂ්ටතම පර්යේෂණාත්මක කෘතියයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ මහත්මිය විසින් රචිත මෙම කෘතිය 1999 වසරේ රාජ්‍ය සම්මානයෙන් පුදනු ලැබිණි.
පොතේ මිල රු. 430
තැපැල් ගාස්තු රු. 100

Wednesday, August 31, 2011

ළමා අතට යට ගියාව පොත් පෙළ


සිංහල භාෂාව සහ ඉතිහාසය පිළිබඳ ප්‍රමාණික තරුණ විද්වතෙකු වන ශ්‍රීනාත් ගනේවත්ත විසින් රචනා කරන ළමා පොත් පෙළේ මුල් කෘති හය දැන් නිකුත් වී තිබේ. රටේ ඉතිහාසය සරල ලෙස උගනීමට සහ සිංහල වහර නිවැරදි ලෙස උගනීමට මේ පොත් පෙළ කදිමය. විශේෂයෙන් 3,4,5 ශ්‍රේණිවල දරුවන් උදෙසා රචිත මේ කුඩා පොත් පෙළ වයස් භේදයකින් තොරව සැමට කියවිය හැකිය.

1. පණ්ඩුකාභය : 90
2. මිහිඳු සමිඳු වැඩම කිරීම : 90
3. සිරි මහ බෝ රැගෙන ඒම : 90
4. ගැමුණු කුමරු : 90
5. ලක්දිව එක්සේසත් කිරීම : 90
6. මහා සෑ ගොඩ නැඟීම : 90

(පොත් 6 x 90 = 540)
තැපැල් ගාස්තුව : 100
නිවසට ගෙන්වා ගැනීමට